From the publisher
" මේ ළමයි හරියට පින් කරන්ඩ ඕන. මේ වගෙ කටයුත්තකට හවුල් වෙන්න! " ප්රකාශ කරමින් කට තද කරගත් ඔහු මෝහිණීට ඉඟියක් කළේය.
" මෝහිණී මෙතන අපට හිටින්ට පුළුවන් හෙට එළිවෙන කල් පමණයි! "
" ආ ! විජේ!! මෙහෙට ඇවිත් හුඟක් කල් ද, ඇයි ඒ? "
"හෙට උදේ හයට මාරයා අපට නියවාවි. එතකොට දෙයියන්, බුදුන් සිහිකර ගෙන පරලොව වඩින එකයි ඇත්තෙ. " මැළවෙමින් විජේ කීවේය.
"අනේ ඔය කතා වලින් පලක් නෑ විජේ! දැන් අර ගෑනි තේ අරන් එයි. අපි ඉතින් කොහොමද මේකෙන් බේරෙන්නෙ? " මෝහිණී විස්මයෙන් හා බියෙන් යුතුව ඇසුවාය.
"පිටවෙන්න තැනක් නෑ. එකම දොරටුවයි තියෙන්නෙ. හරි! මට තේරුණා."
"අනේ විජේ ඔයාවත් බේරිලා යන්න. මං මළාට කමක් නෑ."
" ඒක මේ වගෙ වෙලාවට කියන්න ඕන දෙයක් නෙවෙයි. මට යනවා නම් යන්න තිබුණ මීට ඉස්සර. ඔයා ගෙනාවට පස්සෙයි මට සැක හිතුණේ. ඊටත් වඩා මැහැල්ල මට කතාව කීවා.”
" හරි ඉතින් මං මොනවද කරන්නේ? "
Mohini Samaga by Thilak B. Amarasinghe is a Sinhala book published by Prathibha Prakashana, listed under Fiction, Novels, Thriller.
Book details
| Title | මෝහිණී සමග (Mohini Samaga) |
| Author | Thilak B. Amarasinghe |
| Language | Sinhala |
| Pages | 132 |
| Cover | Soft Cover |
| ISBN | 9786246023362 |
| Publisher | Prathibha Prakashana |



