Lakpura
Lakpura® · 书籍

Mithra

起价42.27 CNY

From the publisher

මිතුරියත් සමග බෝධි පුජාව අවසන් වී පන්සලෙන් පිටත් වෙද්දී රෑ බෝවී තිබිණ. මේ තරම් රෑ බෝවේ යැයි අරන්දනා කිසි විටෙකත් නොසිතුවාය. අතරමග පාරේදී වාහනය නතර කරන්නට ඇයට සිදු වූයේ එහි ඉදිරිපස කිසිවක වැදී තුවාල වී ඇත්දැයි පිරික්සා බලන්නටය. ඇය රියෙන් බැස වාහනේ ඉදිරිපස පිරික්සන්නට වූවාය. ඒ අතර වාරයේ විරුද්ධ දිසාවෙන් පැමිණි සුඛෝපභෝගි වාහනයක් මොහොතකට එතන නතර විය. එහි පැති දොරින් යම්කිසි පොදියක් පිටතට විසි කරනු ලැබිණ. රියෙන් පිටතට පොදිය විසි කළ සැණින් රිය නැවත ඉගිලිණ. ඇත්තටම ඒ පොදියක් නොවේ. කෙඳිරිගාමින් බිම වැතිර ඉන්නේ කඩවසම් තරුණයෙක් බව පාරේ විදුලි පහන් එළියෙන් අරන්දනාට දුටුවාය. ඒ මොහොතේම කඩ පෙළක් යයි හැඟවිය හැකි ඒ කුඩා කාමර පේළියෙන් කොනේ කාමරයේ දොර පළුව හැරිණ.

"දෙයියනේ මිත්‍රා...."

තවත් තරුණයෙක් එළියට බැස්සේ කෑගසාගෙනය. ඔහු බිම වැටීවුන් තරුණයා තමන්ගේ අතට වාරු කරගත්තේ වේදනාවෙනි.

"දෙයියනේ මිත්‍රා.... උං උඹව හපයක් කරලානේ..."

වේදනාවෙන් හා කෝපයෙන් එසේ කී තරුණයා ව්‍යසනයට පත් තමන්ගේ මිතුරාව වාරු කරගෙන ඇතුළට රැගෙන ගියේය. කම්පිතව ගිය අරන්දනා මේ සිදුවීම බලා උන්නේ ගල් ගැසුණු ගානටය. මේ හදිසියේ දුටු සිදුවීම ඇගේ පමණ නොවේ තවත් ජීවිතයක හැරවුම් ලක්ෂය වන බව ඇය කිසිවිටකත් නොසිතුවාය.

Mithra by Nishadini Alwis is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleමිත්‍රා (Mithra)
AuthorNishadini Alwis
LanguageSinhala
Pages343
CoverSoft Cover
ISBN9786246103217
PublisherWarna Graphic & Publishers

技术参数

GTIN / 条形码9786246103217
运输重量417 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

您可能也喜欢

咨询 Lakpura® 顾问