Lakpura
Lakpura® · පොත්

Wibhanga Attakatha

සිටRs 2,989.88

ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ. Publisher : Buddhist Cultural Centre ISBN : 978-955-663-199-9 Pages : 373 Weight : 594 g Binding : Hard Binding Name : විභංගට්ඨ කථා

Book details

TitleWibhanga Attakatha
LanguagePali
Pages373
BindingHard Binding
ISBN9789556631999
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK9SAQ9CJN
GTIN / බාර්කේතය9789556631999
යැවීමේ බර250 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න