තරුණ ගවේෂකයෙකු ලෙස නව වික්‍රමයක් ආරම්භ කිරීම ඉතා උද්‍යෝගිමත් ය. කෙසේ වෙතත්, අපගේ චාරිකා අතරතුර අප විසින් නිර්මාණය කරන අපූරු මතකයන් රඳවා තබා ගැනීම බොහෝ විට අපහසු ය. කුඩා විස්තර අපගෙන් ගිලිහී යන අතර ඡායාරූපවලින් එහි සැබෑ වටිනාකම නොපෙන්වයි. ඔබගේ වික්‍රමයේ සියලු දසුන්, ශබ්ද සහ සුවඳ මතක තබා ගැනීමට අවශ්‍යද? හොඳ කාලවල් සහ ජයගත්
අභියෝග සිහිපත් කිරීමට අවශ්‍යද? එසේනම්, මෙය ඔබට සහ ඔබේ දරුවන්ට සඳහා වන සංචාරක සඟරාවයි!
මෙම සංචාරක සඟරාවට ඔබේ නිවාඩුව ලුහුබැඳීමට ශ්‍රී ලංකා සිතියමක්, පහත සඳහන් දෑ සඳහා ඉඩකඩ ඇතුළත් වේ -
- අද්විතීය චාරිකා 3ක් සටහන් කිරීම චාරිකාව සඳහා සූදානම් වීමට උපකාර වන යෝජනා
- ඔබේ කාලය ගත කිරීමට සංචාරක ක්‍රීඩා, ස්ථානය සහ නවාතැන් පිළිබඳ විස්තරය
- සිදුවීම්/ ක්‍රියාකාරකම්වල දෛනික වාර්තාව,
- සිහිවටන අලවා ගැනීමට ඉඩකඩ
- ඔබ ලියන විට මඟ පෙන්වීමට ප්‍රශ්න ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ උපුටා දැක්වීම්
- වර්ණ ගැන්වීමේ පිටු
සපයනු ලබන්නේ බෙයාෆුට් පොත්හල, ගෝල් පාර, කොළඹ විසිනි.


