ගස් සහ පැළෑටි ඇවිදින්න, කතා කරන්න, ක්‍රියා කරන්න පුළුවන් නම්?
ඔබ නොබලන අවස්ථාවේදී, දැන් මේ මොහොතේ, ඒවා ඒ වගේම කරනවා නම්?
තරහගත් කොස් ගහ, ප්‍රඥාවන්ත මහ බෝ ගහ, රූමත් කසුරිනා ගහ සහ පුංචි කැක්ටස් එක මුණගැසෙන්න. ඔවුන්ගේ රහස් ජීවිත ගැන අසන්න, සහ අප ගැන ඔවුන් සිතන්නේ කුමක්දැයි දැනගන්න.
විනෝදජනක, විස්මයජනක සහ සිතීමට හේතුවන, Those Sneaky Plants සෑම වයසකම දරුවන් සඳහා වූ පොතකි. පරිසර විද්‍යාව සහ අනාගතය පිළිබඳ ප්‍රශ්න වලින් ආභාෂය ලැබූවකි. මිනිසා සොබාදහම රැක බලා ගත යුතුද? නැතහොත් සොබාදහම අප රැක බලා ගත යුතුද යන්න එය විමසයි.
Shehan Karunatilaka විසින් ලියන ලද, Ruwangi Amarasinghe විසින් චිත්‍රණය කරන ලද, සහ Fold Media Collective විසින් සැලසුම් කරන ලද, එය ලස්සන මල්, මිත්‍රශීලී ගස් සහ විශාල අදහස් වලින් පිරුණු පොතකි.
Papaya Books. Paperback.
Barefoot Bookshop, Galle Road, Colombo විසින් සපයනු ලැබේ.


