ටෝකියෝ හි පැති පාරක සැඟවී ඇති, ෆුනිකුලි ෆුනිකුලා නම් කැෆේ අංගණය බොහෝ දේ සතු තැනකි; හොඳ කෝපි, හොඳ සංවාද, මිත්‍රශීලී නිත්‍ය පාරිභෝගිකයන් පිරිසක්. නමුත් මෙම කැෆේ අංගණය සිය පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීමක් ද ලබා දෙයි — කාලය තුළ ගමන් කිරීමේ අවස්ථාව.
ඔබ පිළිපැදිය යුතු නීති තිබේ: ඔබ නිවැරදි අසුනේ වාඩි විය යුතුය, ඔබ වෙනුවෙන් වත් කරන ලද කෝපි පිළිගත යුතුය, සහ අවසාන වශයෙන් වඩාත්ම වැදගත් දෙය නම්, කෝපි සීතල වීමට පෙර ඔබ වර්තමානයට ආපසු පැමිණිය යුතුය.
තොෂිකාසු කවාගුචිගේ සංවේදී ආරම්භක කෘතිය වන Before the Coffee Gets Cold ට පසුව, Tales from the Café හි අපට මුණගැසෙන්නේ; තමා විසින් තම දියණිය ලෙස ඇතිදැඩි කළ හොඳම මිතුරිය සොයන මිනිසා; තම මවගේ අවමංගල්‍යයට නිවසට නොපැමිණි පුත්‍රයා; තමාට විවාහ විය නොහැකි වූ ගැහැනු ළමයා බැලීමට ගමන් කළ පෙම්වතා; සහ තම බිරිඳ බේරා ගත නොහැකි වූ වයස්ගත රහස් පරීක්ෂකවරයායි…
අලංකාර ලෙස පවසා ඇති, උණුසුමෙන් පිරී ඇති, Tales from the Café ගවේෂණය කරන්නේ අප අපගේ අතීතය අප සමඟ රැගෙන යන ආකාරය සහ අප ආදරය කරන අයව — සමහරවිට අවසන් වරට — දැකීමට අප කොතරම් දුරක් යනවාද යන්නයි.
බෙයාෆුට් පොත් සාප්පුව, ගාලු පාර, කොළඹ විසින් සපයන ලදී.


