‘අජාන් බ්‍රහම්’ යනු අද බෙහෙවින් ජනාදරයට පාත්‍ර වූ බොහෝ සෙයින් අගය කරනු ලබන්නා වූ ඉතා ප්‍රකට යතිවරයාණන් වහන්සේ නමකි. සිය ශිෂ්‍ය ජීවිතයේදී හා තුරුණු වියේදී ස්ව උත්සාහයෙන්ම දැඩි වෙහෙසක් දරා බුදු දහමෙහි ආලෝකයෙන් ජීවිතය එලි පෙහෙලි කරගත් අජාන් බ්‍රහම් හිමියෝ බුදු සසුනට අපරදිග ලෝකයෙන් බිහි වූ තවත් තරුවකි. අජාන් බ්‍රහම් තෙරුන් වහන්සේගේ දේශනා විලාසය අති මනහර ය. හාස්‍ය ප්‍රිය ය. අජාන් බ්‍රහම් හිමිගේ ඇතැම් ‘කටුක’ හාස්‍යප්‍රිය වදන් තුළ වුවද ඇත්තේ උන්වහන්සේ කියන දෙයෙහි සත්‍යතාවය යි. එය මනසෙහි ස්වභාවය උසස් තලයකට නංවන අතර, හදවත දයා කරුණාවෙන් පුරවාලයි. මෙහිලා ජීවිතයේ සුභවාදී පක්ෂය බැලීමෙහි මුඛ්‍ය අරමුණ වන්නේ බෞද්ධ ප්‍රතිපදාවෙහි ගමන් කිරීමට බාධකවන ගැටලු ලෙහෙසියෙන් ලිහා දැමීමයි. බුදුදහම පිළිබඳ අවබෝධය සෑම සමාජ කොට්ඨාසයකටම හා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අයුරින් පැහැදිලි කරදීමට උන්වහන්සේ දැරූ සරල එහෙත් ගම්භීර වූ උත්සාහයත්, ඒ නිසාම එම සමාජ කොට්ඨාසයන් බුදුදහම අවබෝධ කරගැනීමට දරන උත්සාහයත්, පිළිබිඹු කරන හෙයින් ‘Bear Awareness’ කෘතියේ සිංහල පරිවර්තනය වන “සිහිනුවණින් කල් ගෙවන්න” නමැති මෙම කෘතිය සිංහල පාඨකයන් අතට පත්කිරීම බෙහෙවින් කාලෝචිත ය. අවස්ථාවන් රාශියක උන්වහන්සේ විග්‍රහකොට ඇති ධර්ම කරුණු හුදෙක් මෙලොව ජීවිතයේ ගැටලු අවබෝධ කර ගැනීම සඳහාම නොව එම ගැටලුවලට මුල් වූ පෙර භවයක් සෑම ජීවියෙකුටම තිබුණු බව ද, මේ ජීවිතයේ කරන කියන හැම දෙයකම ප්‍රතිඵල (බ්‍රහම් හිමියන්ගේ වචනයෙන් ම කිවහොත් This truckload of dung), මේ ජීවිතයෙන් ඔබ්බට අනන්ත වූ සංසාරයේ දිගින් දිගටම ගෙන යන බව ද පැහැදිලි කරදෙන මෙම ප්‍රශ්නෝත්තර මාලාව, අසංවර වූ මනස එනම්, “ඵන්‍දනං චපලං චිත්තං දුරක්‍ඛං දුන්‍නිවාරයං”, සංවර කරගෙන සිහිනුවණින් ජීවත් වීමට මග හෙලි කරනු ඇතැයි අපි විශ්වාස කරමු. Publisher : Buddhist Cultural Centre ISBN : 9786245504589 Pages : 214 Weight : 300g Binding : Soft Binding Name : සිහිනුවණින් කල් ගෙවන්න / Sihinuvanin Kalgevanna
Book details
| Title | Sihinuvanin Kalgevanna |
| Author | Ajahn Brahm |
| Translator | Piyaseeli Jayasinghe |
| Language | Sinhala |
| Pages | 214 |
| Binding | Soft Binding |
| ISBN | 9786245504589 |
| Publisher | Buddhist Cultural Center |


