Lakpura
Lakpura® · පොත්

Menarin Medure Abirahasa

සිටRs 1,328.84

From the publisher

ඒ අවස්ථාවේ දී මම, සැඟව හුන් තිරපට පිටිපසින් ඉවත්ව අනෙක් කාමරය තුළට පැන ගතිමි. සිදු වූ දෙයින් සන්ත්‍රාසයට පත්ව මම වෙවුලුම් ගත් සිරුරින් යුතුව සිටියෙමි. මහලු මිනිසා වාඩි ගෙන හුන් අසුනෙහි පහළට රූරා ගොස් සිටියේය. ඔහුගේ පිටෙහි විශාල මොල්ලියක් මතුව ගියා සේ පෙනෙන තුරු ඩෙරසින්ගවොම ඉහළට ඇදී ගුලි වී තිබිණ. රන්මුවා උපැස් යුගලය තව දුරටත් නාසය මත රැඳී තිබියදී ම ඔහුගේ හිස පසෙකට ඇල වී, එල්බෙමින් තිබුණු අතර, මැරුණු මාළුවකුගේ මෙන් ඔහුගේ කුඩා මුඛය විවර ව තිබිණ. ලේ ගලා යමින් තිබුණේ කවර තැනෙකින්ද යන්න මට දැක ගත නොහැකි විය. එහෙත්, තව දුරටත් ගෙබිම මතට ලේ වැගිරෙන හඬ මට ඇසිණ. ඉටිපහනෙහි ආලෝකය මුළුමනින්ම ඇයගේ මුහුණ මත පතිත වද්දී, ඈ ඔහු පිටිපසින් සිට ගෙන හුන්නාය. දෙතොල එකට තද වී ඇයගේ දෑස දිලිසෙමින් පැවති අතර, ඇයගේ දෙ කොපුල මතට යම් තරමක පැහැයක් පැමිණ තිබිණ. කෙදිනක හෝ මා දැක සිටි මැදිවියේ පසු වූ සුන්දරතර ගැහැනිය ඇය බවට පත් කිරීමට ඒ අවස්ථාව ඇවැසි වූවා සේ විය.

Menarin Medure Abirahasa by Ananda Amarasinghe is a Sinhala book published by Nalin Prakashakayo, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමැනරින් මැදුරේ අබිරහස (Menarin Medure Abirahasa)
AuthorAnanda Amarasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245858095
PublisherNalin Prakashakayo

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK6SZNKYM3
GTIN / බාර්කේතය9786245858095
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න