From the publisher
1946 මාර්ටින් වික්රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා, තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.
Handa Sakki Kima by Martin Wickramasinghe is a Sinhala book published by Sarasa Publishers, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | හඳ සාක්කි කීම (Handa Sakki Kima) |
| Author | Martin Wickramasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8415-59-6 |
| Publisher | Sarasa Publishers |



