From the publisher
හිටපු නාවුක සීල් නිලධාරියෙකු වන ජැක් කර්ක්ලන්ඩ් හදිසියේම දිය මතුපිටට පැමිණෙන්නේ, මුහුද යට සිදුකරමින් සිටි ගවේෂණයක් අතරමැද නතරවීම හේතුවෙනි. එසේ පැමිණෙන ඔහුගේ නෙතගැටෙන්නේ කිසිසේත්ම සාමාන්ය දසුනක් නොවේ:
මහපොළොව ගිනිගනිමින් තිබේ!
සූර්ය ගිනිදැල්වල ප්රතිඵල ලෙස පෘථිවියේ හටගත් ස්වභාවික ව්යසන මාලාවක් ලෝකය උඩුයටිකුරු කරන්නට සමත්ව තිබිණ. මෙම භීෂණකාරී අවුල් වියවුල් මැද, අමෙරිකා එක්සත් ජනපද ජනපතිවරයා රැගත් 'එයාෆෝස් වන්' යානය ඉහළ අහසේදී එක්වරම අතුරුදන් වේ.
අමෙරිකාව, න්යෂ්ටික ප්රහාරයක එළිපත්තේ පසුවන අතිශය තීරණාත්මක මොහොතකදී, 'ඩීප් ෆැතම්' නම්, සිය සාගර ගවේෂණ නෞකාව මෙහෙයවා, සාගරයේ සැතපුම් කිහිපයක් ගැඹුරින් සිදුකළ යුතු මෙහෙයුමකට නායකත්වය ලබාදීමේ වගකීම ජැක් කර්ක්ලන්ඩ් මත පැටවේ.
ඔහු එනතුරු සාගර පත්ලේ සැඟව මග බලා සිටින විනාශකාරී රහසකි. දරාගත නොහැකි බලවේගයක් උරුම කරගත්, නැසීගිය පුරාණ ශිෂ්ටාචාරයක්ද, වර්තමාන ලෝකයම උඩුයටිකුරු කළ හැකි ඉරණමක්ද එක්ව මුසු වූ මෙම මෙහෙයුම කෙසේ අවසන් වනු ඇතිද?
Dip Fetham by Imesh Madushanka Yapa is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Adventure, Adventures, Fiction.
Book details
| Title | ඩීප් ෆැතම් (Dip Fetham) |
| Author | Imesh Madushanka Yapa |
| Language | Sinhala |
| Pages | 650 |
| Cover | Soft Cover |
| ISBN | 9786245579938 |
| Publisher | Muses Publishing House (Pvt) Ltd |


