මෙම පොත උපත ලැබූයේ ඡායාරූපකරණය සහ ශ්‍රී ලංකාවේ පොහොසත් උරුමය කෙරෙහි ඇති අපරිමිත ආදරය නිසාම ය. අත්කම් යනු සංස්කෘතියක් සහ රටක් ලෙස අප කවුරුන්ද යන්නෙහි උච්චතම නිරූපණයයි. මෙම පොහොසත්කම සන්නිවේදනය කිරීම සඳහා ඡායාරූපකරණය ඉතා ප්‍රකාශිත මාධ්‍යයක් බව අපට වැටහිණි.
අප ආදර්ශමත් චරිත ලෙස සලකන පුද්ගලයන්, අතිශය විශිෂ්ටත්වයේ ප්‍රදර්ශන වූ ක්‍රියාවලීන් සහ මෙම සුන්දර අත්කම් හැඩගස්වන ලද දීප්තිමත් ඉතිහාසය සොයාගැනීමේ හා ඉගෙනීමේ දී අපගේ සොයාගැනීම්, අපගේ ගමන සහ අපගේම කතාව මෙම පොතෙන් ප්‍රකාශ කරයි. මෙය ශ්‍රී ලාංකික අත්කම් පිළිබඳ ශාස්ත්‍රීය හෝ න්‍යායාත්මක විස්තරයක් නොවේ. ඒ වෙනුවට, එය අප සොයාගත් දේ, අප ඉගෙනගත් දේ, අප දුටු දේ සහ අපට දැනුණු දේ ය.
ශ්‍රී ලංකාවේ අත්කම් ග්‍රහණය කරගැනීම (Capturing the Handicrafts of Sri Lanka) යනු ජීවිතයේ සෑම තරාතිරමකම සහ ලෝකයේ ඕනෑම තැනක සිටින, අපගේ ඇසින් ශ්‍රී ලංකාවේ සුන්දර උරුමය දැකීමට කුතුහලයක් ඇති සැම දෙනා සඳහාම ය.
සැපයුම Barefoot Bookshop, ගාලු පාර, කොළඹ විසිනි.


