අංගුත්තර නිකායට්ඨ කථා - 2
පාලියෙන් රචිත අටුවා ග්රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප්රමුඛ අභිලාෂයයි. සූත්ර පිටකයෙහි මූලාශ්ර ග්රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත්රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග්රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ. Publisher : Buddhist Cultural Center ISBN : 9559086162 Pages : 451 Weight : 729 g Binding : Hard Binding Sinhala Name : අංගුත්තර නිකායට්ඨ කථා - 2
Book details
| Title | Anguththara Nikaya Attakatha 2 |
| Sinhala title | අංගුත්තර නිකායට්ඨ කථා - 2 |
| Author | Buddhist Cultural Center |
| Language | Sinhala |
| Pages | 451 |
| Binding | Hard Binding |
| ISBN | 9789559086161 |
| Publisher | Buddhist Cultural Center |


