මාතර, ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළබඩ ප්‍රදේශයක් වන අතර, සශ්‍රීක මත්ස්‍ය කර්මාන්තයකින්, විවිධ ශාක විශේෂයන්ගෙන්, විස්තීර්ණ වී වගාවන්ගෙන්, බුද්ධිමය කටයුතුවලින්, පොහොසත් සංස්කෘතියකින් හා උරුමයකින්, සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් ප්‍රසිද්ධියට පත් භූමියකි. මෙම ප්‍රදේශයේ ආදිකාලීන තේ වගා කරුවන්ගෙන් කෙනෙකු වූ දිවංගත මහත්මා ඩී.ඒ. වනිගසේකර (1860-1955) 1910 දී තේ වගාව ආරම්භ කිරීමෙන් ඉතිහාසයක් නිර්මාණය කළේය.
