Lakpura
Lakpura® · 서적

Rampage Kathawa

부터₩7,165

From the publisher

ටී. ලොබ්සාං රම්පාගේ ' තෙවෙනි ඇස' සහ ඔහු අතින් ලියවුණු අනෙකුත් කෘතීන් තරමටම මෑත කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කළා වූ තවත් කෘති ඇත්නම් ඒ ඉතාමත් සුළු ප්‍රමාණයකි.

හේතුව ඉතා සරලය. ටිබෙට් ලාමාවරයකුගේ ආත්මය තම ශරීරයට අරක් ගෙන ඇතැයි ඉංග්‍රීසි ජාතිකයකු පැවසූ විට ඔහු සරදමටත්, අපහාසයටත් බඳුන් වෙයි. තව දුරටත් ඔහු සවිස්තරාත්මකව ස්වභාව ධර්මයෙන් පිටස්තර වූ විමතිය දනවන පෞද්ගලික ශක්තීන් පිළිබඳ අත්දැකීම් විස්තර කරන විට ප්‍රතිචාර ලෙස නැඟෙන්නේ මහත් ඝෝෂාවකි. නමුත් ඒ ආකාරයේ ඝෝෂාවක් පැන නැගෙන්නේ නොතකා හැරීමේ හරහාය. ඊට පෙර තමන් නොදැන සිටි යමක් අනාවරණය වීම බොහෝ අයට බාධාවකි. කරදරයකි. එහෙත් මේ වන විට ආචාර්ය රම්පාගේ පාඨකයෝ දස දහස් ගණනින් ලොව වටා සිටිති. එහි අරුත තමන් නොදන්නා, නොඇසූ දෙයට සියලු දෙනා මනස් වසාගෙන නොසිටින බවය.

මෙය එම විවෘත මනස් සහිත පාඨකයන්ට ය. ඔහු පවසන කතා අසත්‍ය යැයි මෙතෙක් සනාථ කොට නැත. එම කතා අසත්‍ය නම් ඒවා ඔහුගේ දැනුමට එකතු වූයේ කෙසේද යන්නත් කිසිවකුත් පැහැදිලි කර නැත. ආචාර්ය රම්පා මෙම පොත ලියූ අතර මෙය ඔහුගේ තුන්වෙනි කෘතිය ද වෙයි.

රම්පාගේ කතාව තමා විවේචනය කළ සියලු දෙනාට ලොබ්සාං රම්පා දෙන පිළිතුර ය. මෙහි සෑම පිටුවකින්ම ඔහු තමන් පවසන්නේ සත්‍යයක්ම බවට සහතික වෙයි.

Rampage Kathawa by Kumara Siriwardane is a Sinhala book published by Ashirwada Prakashakayo, listed under Fiction, Translations, Translations (Parivarthana).

Book details

Titleරම්පාගේ කතාව (Rampage Kathawa)
AuthorKumara Siriwardane
LanguageSinhala
Pages271
CoverSoft Cover
ISBN9789556970814
PublisherAshirwada Prakashakayo

기술 사양

GTIN / 바코드9789556970814
배송 중량338 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의