Lakpura
Lakpura® · 서적

Gehenu Nethiwa

부터₩4,003

From the publisher

'වැල්වටාරම් නැතිව මං කෙටියෙන් කියන්නම්. මට පුළුවන් වුණා ඇයව ඉතා අමාරුවෙන් හොයාගන්න. ඈ අගේ මහත්තයයි දරුවයි දාලා ගිහින් වෙනත් මිනිහෙක් එක්ක දැන් ජීවත් වෙනවා.'

මම ගොළු වුණා. එක පාරට ම මට වටහා ගන්න බැරි වුණා ඔහුට මොනව වෙන්න ඇත්ද කියල. අන්තිමේ දි මට අහන්න පුළුවන් වුණා. 'ඔබ කියන්නෙ ඒ ගෑනි එයාගෙ ස්වාමිපුරුෂයයි, ටෝකයි දොස්තර මහත්තයයි දෙන්න ම දාලා ගියා කියල ද?'

'ඔව්.' ගොටෝ ඔරවලා කිව්ව.

'ඒ ගෑනිට තුන්වෙනි මිනිහෙක් හිටියා. මම ඒ හැම විස්තරයක් ම දන්නෙ නැහැ. නමුත් ඒ මිනිහා මේ ගෑනිට වඩා තරුණයි වගේ. මේක තනිකර ම මගේ අදහසක්. ඒ මිනිහ ඇවිල්ල ඔය කියන තරම් අගේ ඇති මිනිහෙක් නෙමෙයි කියල මට දැනුණා. ඈ ගෙදරින් ගිහිල්ල තිබුණෙ ඒ මිනිහත් එක්ක හොරෙන් පැනල යන්න. ටෝකයි දොස්තර මහත්තයා කළේ පහසු ගල් පඩිපෙළක් හැදුව එක මිසක් වෙන දෙයක් නෙවෙයි. ඈ ඔහුව පාවිච්චි කළා. ඔහු ඒ ගෑනිට ගොඩක් වියදම් කළ බවට සාක්‍ෂි තියෙනවා. මම නීතිඥයො සම්බන්ධ කරගත්තා. ඉන් පස්සෙ ඔවුන් පරීක්‍ෂා කළා ඔහුගෙ බැංකු ශේෂය සහ ක්‍රෙඩිට්පත් ගිණුම්. ඒකෙන් වැඩේ පැහැදිලි වුණා. සමහර විට ඔහු ඒ මුදල් සියල්ල වියදම් කරන්න ඇත්තෙ ඒ ගෑනිට වටිනා තෑගිභෝග ගන්න. එහෙම නැත්නම් ඔහු ඈට ණයට මුදල් දෙන්න ඇති. ඒ මුදල් වියදම් වුණේ කොහොමද කියල හරියටම දැනගන්න පැහැදිලි සාක්‍ෂියක් තිබුණෙ නැහැ, සහ තියෙන විස්තර පැහැදිලි නැහැ. නමුත් අපි දන්න එක ම දේ තමයි ඔහු සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ගත්ත කියන එක.'

Gehenu Nethiwa by Nimal Jayarathna is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature.

Book details

Titleගැහැනු නැතිව (Gehenu Nethiwa)
AuthorNimal Jayarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9786242020037
PublisherFast Publishing (Pvt) Ltd

기술 사양

상품 번호LKW4BDB4FP
GTIN / 바코드9786242020037
배송 중량250 g
Binupa
상품 담당 어드바이저

Binupa 주임

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Binupa에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의