CAP Ceylon ආයතනය අපනයනය සඳහා වටිනාකම් එකතු කළ නිෂ්පාදන ලෙස සැකසීම සඳහා කාබනික පලතුරු වගාව දිරිමත් කරයි. දැනට භාවිතා කරන පලතුරු වනාහි Soursop (Graviola), කොස්, අඹ (TJC), තැඹිලි, පැෂන් ෆෲට් සහ දිවුල් ය. සංවර්ධනය කර ඇති නිෂ්පාදන ලෙස බෝතල් කළ යුෂ, කාබනීකෘත පාන, වියළි පලතුරු, වයින්, කාබනික අයිස් ක්‍රීම් සහ ශාකසාර තේ ඇතුළත් වේ.